Sudu Mal Dekak Kada Genath Song Lyrics - සුදු මල් දෙකක් කඩා ගෙනත් ගීතයේ පද පෙළ

Sudu Mal Dekak Kada Genath Song Lyrics - සුදු මල් දෙකක් කඩා ගෙනත් ගීතයේ පද පෙළ
Song Title : Sudu Mal Dekak Kada Genath (සුදු මල් දෙකක් කඩා ගෙනත්)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : රංජිත් පෙරේරා


සුදු මල් දෙකක් කඩා ගෙනත්
මා නෙත් ළඟින් තබා
ඔබෙ කඳුළු බිංදුවෙන් තෙමා
සමුගන්නෙපා එපා
උණුසුම් ඔබේ නෙතේ දියෙන්
ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නොඒ
වැළපෙන්නෙපා එපා

සිනාසුණු ආදරේ නමින්
බැඳීහුන් ජීවිතේ ලෙසින්
වෙන්වූ දා ඉතින් ඔබෙන්
ඵල නෑ මේ තරම් හැඟුම්
පැතූ පෙම් මාළිගා බිඳී
ගරා යයි වේදනා දිදී
මන්මත්වූ පැතුම් මැදින්
ඵල නෑ මා සොයා ඇවිත්

සුදු මල් දෙකක් කඩා ගෙනත්
මා නෙත් ළඟින් තබා
ඔබෙ කඳුළු බිංදුවෙන් තෙමා
සමුගන්නෙපා එපා

සිනාසුණු ආදරේ නමින්
බැඳී හුන් ජීවිතේ ලෙසින්
වෙන්වූ දා ඉතින් ඔබෙන්
ඵල නෑ මේ තරම් හැඟුම් ...//

සුදු මල් දෙකක් කඩා ගෙනත්
මා නෙත් ළඟින් තබා
ඔබෙ කඳුළු බිංදුවෙන් තෙමා
සමුගන්නෙපා එපා
උණුසුම් ඔබේ නෙතේ දියෙන්
ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නොඒ
වැළපෙන්නෙපා එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment