Awe Kage Kawudo Song Lyrics - ආවේ කාගේ කවුදෝ ගීතයේ පද පෙළ


Song Title : Awe Kage Kawudo (ආවේ කාගේ කවුදෝ)
ගායනය : ප්‍රියා සූරියසේන, ලක්ෂ්මන් රුද්‍රිගු සහ බන්දු රණසිංහ
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීත අධ්‍යක්ෂණය : සරත් බාලසූරිය
1977 දී තිරගත වූ "සිකුරු දසාව" චිත්‍රපටියට ගැයුණු ගීයකි.


ආවේ කාගේ කවුදෝ
වාසේ දේසේ කොහෙදෝ
නෑ නෑ වංසේ සෙවුවෙ
කාගේ කවුදෝ කිව්වෙ
කාලා බීලා සාමෙන් ඉන්නේ
අපි කාලා බීලා සාමෙන් ඉන්නේ

ආවේ කාගේ කවුදෝ
වාසේ දේසේ කොහෙදෝ
නෑ නෑ වංසේ සෙවුවෙ
කාගේ කවුදෝ කිව්වෙ
කාලා බීලා සාමෙන් ඉන්නේ
අපි කාලා බීලා සාමෙන් ඉන්නේ

තරම තිරම මොටද හොයල බලන්නේ
ලෝකෙ මිනිස්කමයි වටින්නේ
හිංසා ( හිංසා )
පීඩා ( පීඩා )
වංචා
නෑනේ
දෙෙවේ තාලේ කවුරුද දන්නේ
අපෙ දෙෙවේ තාලේ කවුරුද දන්නේ

ආවේ කාගේ කවුදෝ
වාසේ දේසේ කොහෙදෝ
නෑ නෑ වංසේ සෙවුවෙ
කාගේ කවුදෝ කිව්වෙ
කාලා බීලා සාමෙන් ඉන්නේ
අපි කාලා බීලා සාමෙන් ඉන්නේ

කහළ ගොඩක නොවෙද මැණික උපන්නේ
මාලෙ බැඳලා එය ගෙල ලන්නේ
වාසේ ( වාසේ )
දේසේ ( දේසේ )
ඕනෑ
නෑනේ
ඒ හින්දා අපි පැදුරෙ ලගින්නේ
අද ඒ හින්දා අපි පැදුරෙ ලගින්නේ

ආවේ කාගේ කවුදෝ
වාසේ දේසේ කොහෙදෝ
නෑ නෑ වංසේ සෙවුවෙ
කාගේ කවුදෝ කිව්වෙ
කාලා බීලා සාමෙන් ඉන්නේ
අපි කාලා බීලා සාමෙන් ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment