සීනි මුරුක්කු හදමු (Sini Murukku)

සීනි මුරුක්කු හදමු (Sini Murukku) - Your Choice Way

අද මම ☕ වෙලාවට කන්න හැදුවා ලොකු පොඩි කවුරුත් කන්න කැමති  කැමක් . සීනි  මුරුක්කු. හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි   200g
  • සීනි මේස හැදි 1  1/2
  • මාජරීන් මේස හැදි 2 
  • ලුණු තේ හැඳි 1/2.
  • අවශ්‍ය පමණට වතුර 
  • බැද ගැනීමට තෙල් 
  • සිරප් එකට 
  • සිනි කප් 1  (200g)
  • වතුර  කප් 1/4   (60ml)

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව භාජනයකට පිටි , සීනි , ලුණු සහ මාජරීන් දමා හොදින් අනන්න.
  2. පසුව වතුර ටික ටික දමා අනා ඝන ඩෝ එකත් සාදා ගන්න.
  3. ටිකක් වෙලා නීඩ් කර භාජනය පියනකින් වසා විනාඩි 15 ක් තබන්න. 
  4. විනාඩි 15 ට පසු නිඩ් කර පිටි තැවරුණු ලෑල්ලක් මත තුනී කර තරමක හීන් තීරු කපා ඒවා අගල් 1 1/2  ප්‍රමාණයේ  කැලි වලට කපා පිගානක් මත තබා ගන්න.
  5. දැන් තෙල් තාච්චියක් ලිප තබා මද ගින්දරේ බැඳ ගන්න.
  6. අවසානෙට භාජනයක් ලිප තබා එයට සීනි, ලුණු ටිකක්  සහ වතුර දමා නුලක් සේ ඇදෙන ගානට උණු කරන්න.
  7. පසුව සීනි සිරප් එක ලිපෙන් ඉවතට ගෙන බැද ගත් මුරුක්කු ටික පෙරලන්න . 
හරිම රසයි හදලා බලන්න කෝ. Dhammika Panangala (ධම්මිකා පනංගල)
සීනි මුරුක්කු හදමු (Sini Murukku) - Your Choice Way

සීනි මුරුක්කු හදමු (Sini Murukku) - Your Choice Way

සීනි මුරුක්කු හදමු (Sini Murukku) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment