Sina Ralla Sisi Kirane Song Lyrics - සිනා රැල්ල සිසි කිරණේ ගීතයේ පද පෙළ

Sina Ralla Sisi Kirane Song Lyrics - සිනා රැල්ල සිසි කිරණේ ගීතයේ පද පෙළ
Song Title : Sina Ralla Sisi Kirane (සිනා රැල්ල සිසි කිරණේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : සරත් දසනායක
ගී පද : චිත්‍රානන්ද අබේසේකර


සිනා රැල්ල සිසි කිරණේ
පෙනෙන සැලෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරි ලතා
ඔමරි ලතා නාරි ලතාවට
බැල්මට වසඟ වුණේ

මලට ඇදෙන බඹර නලා
හඬා මිහිර දෙගොඩ තලා
අපේ ජීවිතේ සනසයි විනෝද මිහිරේ
නුරාව ඉතිරේ

සිනා රැල්ල සිසි කිරණේ
පෙනෙන සැලෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරි ලතා
ඔමරි ලතා නාරි ලතාවට
බැල්මට වසඟ වුණේ

ගමට පහන මැණික වගේ
පැළට සුවඳ කැකුල වගේ
මගේ ආදරේ වඩවයි දයාව මුහුණේ
ලතාව ගමනේ

සිනා රැල්ල සිසි කිරණේ
පෙනෙන සැලෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරි ලතා
ඔමරි ලතා නාරි ලතාවට
බැල්මට වසඟ වුණේ

කුමුදු මලක සුවඳ නැගේ
සුමුදු දෙතොල සැලෙන අගේ
මගේ පෙම් හදේ සැඟවෙයි මිලාන දෑසේ
සිනාව රහසේ

සිනා රැල්ල සිසි කිරණේ
පෙනෙන සැලෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරි ලතා
ඔමරි ලතා නාරි ලතාවට
බැල්මට වසඟ වුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment