Sadi Ran Abaranin Song Lyrics - සැදී රන් අභරණින් ගීතයේ පද පෙළ

Sadi Ran Abaranin Song Lyrics - සැදී රන් අභරණින් ගීතයේ පද පෙළ
Song Title : Sadi Ran Abaranin (සැදී රන් අභරණින්)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : කුලරත්න ආරියවංශ


සැදී රන් අභරණින් - රිදී සළු පිලි දරා
නැගී රිය පෙරහරින් - පැතූ පෙම් ලොව දවා
මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබේ - මගේ දිවි ඇති තුරා

අදින් පසු සිත ඔබේ - අහිමි වන බව දනිම්..
යලිදු අප දිවි තුරා - නොයෙන බව යලි දනිම්..
නොයෙන බව යලි දනිම්...

සැදී රන් අභරණින් - රිදී සළු පිලි දරා
නැගී රිය පෙරහරින් - පැතූ පෙම් ලොව දවා
මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබේ - මගේ දිවි ඇති තුරා

ඔබෙන් ලද සෙනෙහසේ - සුවය නිති විදින්නම්..
සසර මතු භවෙක හෝ - සුරත ඔබෙ පතන්නම්..
සුරත ඔබෙ පතන්නම්..

සැදී රන් අභරණින් - රිදී සළු පිලි දරා
නැගී රිය පෙරහරින් - පැතූ පෙම් ලොව දවා
මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබේ - මගේ දිවි ඇති තුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment