Obai Mamayi Mawu Sihina Song Lyrics - ඔබයි මමයි මැවූ සිහින ගීතයේ පද පෙළ

Obai Mamayi Mawu Sihina Song Lyrics - ඔබයි මමයි මැවූ සිහින ගීතයේ පද පෙළ
Song Title : Obai Mamayi Mawu Sihina (ඔබයි මමයි මැවූ සිහින)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : බණ්ඩාර කේ.විජේතුංග


ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමු වන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි
පොකුණ මා තමයි
සුවඳ රුවද එකම පරිදි
රැගත් මල ඔබයි

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමු වන්නයි

අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි
තවත් දිනක තවත් ලොවක
ඔබෙ අත ගනිමි

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමු වන්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment