නෝම්බු කන්ජි හදමු (Ramadan Nombu Kanji) 🍜

නෝම්බු කන්ජි හදමු (Ramadan Nombu Kanji) 🍜 - Your Choice Way

අද ටිකක් වෙනස් කෑමක රස බලන්න හිතුන.ඇත්තටම මේක මුස්ලිම්වරුන්ගෙ සාම්ප්‍රදායික ආහාරක්.මටත් මේක හදන්න කියල උපදෙස් දුන්නේ මගෙන් ඉගෙන ගන්න කොළඹ විශ්ව විද්‍යාලයේ දුවෙක්.ඉතින් මමත් හදල රස වින්දා.ඇත්තටම ගොඩක් රසයි. බොහොම ස්‍තූතීයි Azhara දුවේ ❤ 👌

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • සම්බා හාල් කෝප්ප 1
  • පියලි කරගත් මුං ඇට කෝප්ප 1/2
  • තෙල් මේස හැඳි 2
  • කුරුඳු පොතු/ එනසාල්/ කරාබුනැටි
  • සූදුරු පින්ච් එකක්
  • සුදුළූණු බික් 2
  • තලාගත් ඉගුරු තේ හැඳි 1
  • කපාගත් කැරට් අල 3 ක්
  • කපාගත් ළූණු ගෙඩි 1
  • කපාගත් තක්කාලි ගෙඩි 1
  • අමුමිරිස් කරල් 2
  • කහ කුඩු තේ හැඳි 1/4
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • ගරන් මසාලා පවුඩර් මේස හැඳි 1
  • තලාගත් මින්චි කොළ 
  • තලා ගත් කොත්තමල්ලි කොළ
  • එළුමස් ග්‍රෑම් 100 
  • දියකිරි කෝප්ප 3
  • මිටිකිරි කෝප්ප 1 1/2
  • ලුණු රස අනුව

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම හාල් ටික නෑඹිලියක දාල හොඳට ගරල ගන්න. මොකද හාල් වල ගල් වැලි ඉවත් කර ඇත කියල සඳහන් කරල තිබුනට අපිනේ දන්නෙ ඉවත් කරපුව හැපෙද්දි.හාල් ටික ගරල විනාඩි 15 ක් වගේ පෙඟෙන්න තියන්න.
  2. ♦️ මුං ඇට ටිකත් හොඳට හෝදල පිරිසිදු කරල ඒ ටිකත් අර වගේම  විනාඩි 15 ක් වගේ  පෙඟෙන්න තියන්න.
  3. ♦️ දැන් භාජනයක් ලිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට කුරුඳු ,එනසාල්, කරාබුනැටි හා සුදුළූණු ටික දාල බදින්න.
  4. ♦️ ඉන් පසු ඉඟුරු සහ මසාල පවුඩර් ටික එකතු කර ගන්න.(මසාල පවුඩර් තේ හැඳි 1/2 ටත් වඩා පොඩ්ඩක් ඉතුරු කරල තියා ගන්න. අන්තිමට උඩින් ඉසින්න.
  5. ♦️ පසුව ළූණු, තක්කාලි,කැරට්,අමුමිරිස්, මින්චි කොළ හා කොත්තමල්ලි කොළ ටික එකතු කරන්න. හොඳට තෙම්පරාදු උනාම කටු අයින් කර අඹරාගත් එළුමස් ටික දාගන්න.(කැමති නම් කුකුල් මස් උනත් කමක් නෑ)
  6. ♦️ දැන් පෙඟෙන්න තියපු හාල් සහ මුං ටික දාලා දිය කිරි ටික දාල වහලා හොඳින්  තැම්බෙන්න තියන්න.
  7. ♦️ විනාඩි 20 ක් වගේ ගියාට පසු මිටි කිරි හා ලුණු දාගන්න. 
  8. ♦️ මට නම් කැඳ ගතිය මදි වගේ තේරුන නිසා  උණු වතුර කෝප්ප 2 ක් එකතු කලා.(ඇල් වතුර දාන්න එපා.කැඳ ගතිය මඳි නම් උණු වතුර පමණක් දාන්න)
  9. ♦️ හොඳට තික් ගතියට ඇවිත් බුබුළු දාන කොට ලිපෙන් බාන්න.මතක ඇතුව ලුණු බලන්න.
  10. ♦️ දැන් අර අපි ඉතුරු කර ගනිපු මසාල පවුඩර් ස්වල්පය උඩින් ඉසින්න.ඕන නම් පාස්ලි කොල පොඩ්ඩක් තියල ලස්සන කර ගන්න.(අමුත්තෙකුට එහෙම සංග්‍රහ කරනවා නම්)
😃😃 මම නම් මේක හදල රෝස් පාන් කාලක් අරන් හොඳට මාමයිට් ටිකක් ගාල කන ගමන් තමයි මේ කැඳ එක බිව්වේ... අම්මෝ.. ඒ.. රස.

ඉතින් අද දවසෙ මගේ breakfast එක Lunch එක වගෙම අමතර තේ වේල් දෙක තුනත් ඉතින් මේ ආහාර තමයි.මොකද අද දවසම Online Lectures නිසා වෙන දෙයක් කරන්න වෙලාව නෑ.. ඔන්න එහ්නම් ඔයාලත් හදල බලන්නකෝ... 🍜👌👌

♦️ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල හැමෝටම වාසනාවේ සුවහසක් මල් පිපේවා කියල ප්‍රාර්ථනා කරනවා! උතුම් තෙරුවන් සරණයි ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment