Chandra Madullen Song Lyrics - චන්ද්‍ර මඬුල්ලෙන් ගීතයේ පද පෙළ

Chandra Madullen Song Lyrics - චන්ද්‍ර මඬුල්ලෙන් ගීතයේ පද පෙළ
Song Title : Chandra Madullen (චන්ද්‍ර මඬුල්ලෙන්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : විජේසිරි අමරතුංග
තනුව : එම්.කේ. රොක්සාමි


චන්ද්‍ර මඬුල්ලෙන්
සඳ රැස් ගලනා
නිසංසලේ
ලොව නිදහස් මොහොතේ
මේකුළු දේදුනු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝසමලක් //

ඉසිකෝවා ‍රැළි මවෙත නොවේවා
හලාහල විෂෙන් උපන් චේතනා
අශාවෙන් මන මෝදු කරද්දී
රෑ පිපිලා කළු රෝස මලක්

චන්ද්‍ර මඬුල්ලෙන්
සඳ රැස් ගලනා
නිසංසලේ
ලොව නිදහස් මොහොතේ
මේකුළු දේදුනු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝසමලක්

තෙල බේරිය ගෙඩි පාට දෙතොල්
පොපියා හස දෙන සුරවමියෝ
මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
රෑ පිපිලා කළු රෝසමලක්

චන්ද්‍ර මඬුල්ලෙන්
සඳ රැස් ගලනා
නිසංසලේ
ලොව නිදහස් මොහොතේ
මේකුළු දේදුනු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝසමලක් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment