Piduru Sewi Kala Song Lyrics - පිදුරු සෙවි කළ ගීතයේ පද පෙළ

Piduru Sewi Kala Song Lyrics - පිදුරු සෙවි කළ ගීතයේ පද පෙළ
Song Title : Piduru Sewi Kala (පිදුරු සෙවි කළ)
ගායනය : සිසිර සේනාරත්න
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය : සිසිර සේනාරත්න
1965 දී තිරගත වූ හඳපාන චිත්‍රපටියේ ගීයකි.
1966 දී පැවති 3 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂකට හිමි සම්මානය මෙම චිත්‍රපටියට හිමි විය.


සීත දිය රැළි නීල ගංගා
සාර කෙත් වතු මැද ගලා යයි
ඕළු මානෙල් නෙළුම් නැළවෙන
වැව් පොකුණු ගම අලංකාරයි

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ ...//
ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි
මෙහි තිබේ හොඳ ආදරේ //

කැලෑ මල් වල සුවඳ බීගෙන
හමන මදනල වාසනාවන්
දුරින් ඉඳ ඒ කුරුළු ගී හඬ
නැති කරයි හද වේදනාවන්
අහිංසක ගැමි ජීවිතේ
මැනේ පියවර මේ බිමේ

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ

වියෝ ගිණි මැද දැවෙන ජීවිත
අද වගේ හෙට හමු නොවේවා
සමාදානය සැබෑ ආලය
දිනෙන් දින මතුවී පෙනේවා
මේ බිමට නොවෙනස්ව ඉර හඳ
සෑමදා රැස් කිරණ දේවා

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ ...//
ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි
මෙහි තිබේ හොඳ ආදරේ
මෙහි තිබේ හොඳ ආදරේ
මෙහි තිබේ හොඳ ආදරේ
මෙහි තිබේ හොඳ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment