Paaya Aa Sanda Song Lyrics - පායා ආ සඳ ගීතයේ පද පෙළ

Paaya Aa Sanda Song Lyrics - පායා ආ සඳ ගීතයේ පද පෙළ
Song Title : Paaya Aa Sanda (පායා ආ සඳ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : එම්.කේ. රොක්සාමි
ගී පද : කරුණාරත්න අබේසේකර


පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා

හද විමනේ බිතු සිතුවම්
කිලිටි කළේ ඔබෙ දෑතයි //
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා

ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම් //
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment