Awa Adaren Song Lyrics - ආවා ආදරෙන් ගීතයේ පද පෙළ

Awa Adaren Song Lyrics - ආවා ආදරෙන් ගීතයේ පද පෙළ
Song Title : Awa Adaren (ආවා ආදරෙන්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කරුණාරත්න අබේසේකර


ආවා ආදරෙන් රන් කැළුම් දිදී
ආවා ආදරෙන් රන් කැළුම් දිදී

සඳ පිරිලා නැගුණා සේ
මාගේ ජීවන අම්බරේ
තරු වහැලා දිලුණා සේ
මාගේ ජීවන අම්බරේ
මා සිතූ පෙර මා පැතූ
පැතුමන් ලෙසේ

ආවා ආදරෙන් රන් කැළුම් දිදී
ආවා ආදරෙන් රන් කැළුම් දිදී

මල් පොපියා පිපුණා සේ
පාළු මා හද විල් තලේ
රණ තිසරා සරනා සේ
පාළු මා හද විල් තලේ
ආ දිනේ ඔබ ආ දිනේ
මතකයි ළඳේ

ආවා ආදරෙන් රන් කැළුම් දිදී
ආවා ආදරෙන් රන් කැළුම් දිදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment