Oba Tharam Song Lyrics - ඔබ තරම් ගීතයේ පද පෙළ

Oba Tharam Song Lyrics - ඔබ තරම් ගීතයේ පද පෙළ
Song Title : Oba Tharam (ඔබ තරම්)
ගායනය : තීක්ෂණ අනුරාධ
ගී පද : ඩිලාන් ගමගේ
සංගීතය : රදේෂ් වැන්දබෝනා


ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුණේ ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ
කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ...

රැය පුරා ඉකි ගසා රතට හැරී දෙනුවන් හොරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට... වෙන්නම්...

තනි වෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවි පුරා විඳවමී අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට... වෙන්නම්...

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුණේ ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ
කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment