Oba Gawa Mama Innemi Song Lyrics - ඔබ ගාව මම ඉන්නෙමි ගීතයේ පද පෙළ

Oba Gawa Mama Innemi Song Lyrics - ඔබ ගාව මම ඉන්නෙමි ගීතයේ පද පෙළ
Song Title : Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමි)
ගායනය  : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි //

මිණිසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
ගුවනේ පියාඹන්න වේවි
අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවි
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි //


සහන් චාමිකර (නව රිද්ම) - ඔබ ගාව මම ඉන්නෙමි..
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment