දවසේ වැදගත්කම - නොවැම්බර් 10 සාමය හා සංවර්ධනය සදහා වූ ලෝක විද්‍යා දිනය (Significance Of The Day - November 10 World Science Day For Peace And Development)

දවසේ වැදගත්කම - නොවැම්බර් 10 සාමය හා සංවර්ධනය සදහා වූ ලෝක විද්‍යා දිනය (Significance Of The Day - November 10 World Science Day For Peace And Development) - Your Choice Way
වර්ෂ 2001 දී යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත්කල පරිදි සෑම වසරකම නොවැම්බර් 10 වන දා සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස ලොව පුරා සැමරෙනවා. මෙම ලෝක විද්‍යා දිනය හරහා ලෝකයේ වැදගත් විද්‍යාත්මක කරුණු කාරණා පිළිබඳ ලෝ වැසියන්ගේ අවධානය යොමුකිරීමත් මෙම විවිධ අංශ පිළිබඳව ජනතාව තුල සංවාදයක් ඇතිකිරීමටත් යුනෙස්කෝ සංවිධානය බලාපෙරොත්තු වෙනවා.

ඒ අනුව මේ වසරේදීත් නොවැම්බර් 10 වනදා එනම් අද දිනයේදී ලොව පුරා ලෝක විද්‍යා දිනය සැමරෙනවා.

මෙම දිනය වෙනුවෙන් විශේ්ෂ ප්‍රකාශයක් නිකුත්කරන යුනෙස්කෝ ප්‍රධානී ඕඩ්‍රේ ඇසෝලේ මහතා සඳහන් කරන්නේ ලෝ වැසි සියලුම දෙනා විද්‍යාව මානව අයිතිවාසිකමක් ලෙස සලකමින් හැකි සෑම තරමින් විද්‍යාත්මක දියුණුවේ කොටස් කරුවන් වන ලෙසයි. ඒ සමඟම ඔහු ලොව පුර රජයයන්, ව්‍යාපාර හා සමාජයෙන් ඉල්ලා සිටින්නේ 2017 ප්‍රකාශයට පත්කල විද්‍යාව හා විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ නිර්දේශයන් අනුව යමින් අදාළ ආචාර දර්මයනට අනුකූලව විද්‍යාත්මක සහ වගකීම් සහගතව පර්යේෂණ වල නියැලෙමින් විද්‍යාවේ දියුණුව උදෙසා ක්‍රියාකරන ලෙසයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment