Madu Mala Lesa Mudu Song Lyrics - මධු මල ලෙස මුදු ගීතයේ පද පෙළ

Madu Mala Lesa Mudu Song Lyrics - මධු මල ලෙස මුදු ගීතයේ පද පෙළ
Song Title : Madu Mala Lesa Mudu (මධු මල ලෙස මුදු)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.කේ. රොක්සාමි
මිල්ටන් මල්ලවාරච්චිගේ ප්‍රථම EP තැටිය ද, 1969 වසරේ නිකුත් විය. මේ එහි අඩංගු වූ ගී හතරෙන් එකකි. (තැටි අංක Philips ​JVPC 1051)


මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිණියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

හිත ගොළුවෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමන විට නෙත් දෙක පිය වෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිණියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment