ඉපැරණි උරුමයකට නෑකම් කියන - කතළුව පුරාණ විහාරය ☸️🙏🍃🌿 (Kathaluwa Old Temple)

ඉපැරණි උරුමයකට නෑකම් කියන - කතළුව පුරාණ විහාරය ☸️🙏🍃🌿 (Kathaluwa Old Temple) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ වටිනා පුදබිමක් ගැන...

හෙළයේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා උපන් කොග්ගල සුන්දර ගමෙහි කතළුව විහාරය ආගමික සමාජ මෙහෙය මෙන්ම සාහිත්‍ය රසද ලබාදීමට සුසැදි පින් බිමක්..

තවත් වැදගත් කමක් කියන්න ද ඒ තමා තායිලන්තයේ හිටපු රජ කෙනෙකු වූ චූලලංකාර රජතුමා ක්‍රි.ව. 1862 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත ලංකාලෝකය මුද්‍රණය කළ ලංකෝපකාර මුද්‍රණාලය බුලත්ගම සිරි දම්මලංකාර සුමනතිස්ස හිමියන් වෙත පරිත්‍යාග කරලා තියෙනවා...

එංගලන්තයෙන් ආනයනය කරන ලද මෙම මුද්‍රණ යන්ත්‍රය ගාල්ල වරායට ගොඩ බා ඇති අතර එය ගාල්ල පරමානන්ද විහාරය වෙත ගෙන යන ලදී. 

1891 වන තෙක් මෙම මුද්‍රණාලය ගාල්ලේ තිබූ අතර පසුව කතළුව පුරාණ විහාරය වෙත ගෙනල්ලා තියෙනවා...

එම ඓතිහාසික මුද්‍රණාලයද දැන් පිහිටියේ මෙම රන්වැල්ල විහාරස්ථානයේ වීම විශේෂත්වයක්...

විහාරස්ථානය ක්‍රි.ව. 1841 දී ඇරඹි බවට සාක්‍ෂි ඇති අතර මෙම සුන්දර විහාරය අමරපුර නිකායට අයත් වෙනවා...

ඒ වගේම මෙම විහාරස්ථානය ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ විහාර මන්දිරයේ (පිළිමගෙයි) ඇති බිතුසිතුවම් හේතුවෙන්...

පාසැලේ චිත්‍ර කලාව හැදෑරූ අය මෙම විහාරස්ථානයේ නම අසා ඇති නේද? 

මේ පිළිමගෙය තායි ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිකරන ලද අෂ්ටාස්‍ර ගොඩනැගිල්ලක්..

කතළුව බිතුසිතුවම්වල දක්නට ලැබෙන ඇඳුම් හා සම්ප්‍රදායන් මුල්කිරිගල විහාරස්ථානයට සමීපව සමාන වෙනවා..

හැබැයි ඉතින් මේ විහාරයට ගියාම පේනවා මේ විහාරය තවදුරටත් සංරක්ෂණය කල යුතු බව එහෙම උනේ නැත්නම් ඉතින් අනාගත පරපුරට මේ දේවල් දකින්න ලැබෙන එකක් නෑ... 

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment