Nethu Pela Rawatala Song Lyrics - නෙතු පෙලා රවටලා ගීතයේ පද පෙළ

Nethu Pela Rawatala Song Lyrics - නෙතු පෙලා රවටලා ගීතයේ පද පෙළ
Song Title : Nethu Pela Rawatala (නෙතු පෙලා රවටලා)
ගායනය : රෝහණ බෝගොඩ
පද රචනය : රංජනී විතානගේ
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා
රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා
සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා

මගෙ සිතුම් රැලෙන් හද දවටා මුව සිපගත්දා
ඇගෙ සිනා දැලෙන් මා වටලා මට ලංවූදා
අත් සල සලා අපි හිනැහුනා
මුළු ලොවම හිනැහුනා...///

නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා
රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා
සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා

දුල් මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා
සල් සුණු සුවදින් ගත සරසා ලඟට වඩින දා
ලංවෙන තුරා හිටියත් බලා
මා ලොවෙහි තනි වුනා...///

නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා
රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා
සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment