Divi Katharata Gangawai Song Lyrics - දිවි කතරට ගංගාවයි ගීතයේ පද පෙළ

Divi Katharata Gangawai Song Lyrics - දිවි කතරට ගංගාවයි ගීතයේ පද පෙළ
Song Title : Divi Katharata Gangawai (දිවි කතරට ගංගාවයි)
ගායනය : රෝහණ බෝගොඩ
පද රචනය : ධම්මික පී. රත්නායක
සංගීතය : විශාරද එඩ්වඩ්. ජයකොඩි


දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා..
දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා..
දිවි ගමනේ ජය මාවත හදුනාදුන් ගංගා..
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා..

ඊයේ රෑ මා සිහිනෙන් දුටුවෙ ඔබයි ගංගා..
මා හැරදා අළුයම ඔබ වෙන්ව ගියා ගංගා..
මේ අයුරින් හැම දිනකම සිත සනසා ගංගා..
වෙන්වනොයා ජීවි‍තයේ අරුණ වෙන්න ගංගා..

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා..
දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා..
දිවි ගමනේ ජය මාවත හදුනාදුන් ගංගා..
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා..

මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා..
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා..
පුරසඳ සේ මුව මඬලින් සෙනෙහස දුන් ගංගා..
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා..

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා..
දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා..
දිවි ගමනේ ජය මාවත හදුනාදුන් ගංගා..
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment