Neela Warna Neela Kobeyiyo Song Lyrics - නීල වර්ණ නීල කොබෙයියෝ ගීතයේ පද පෙළ

Neela Warna Neela Kobeyiyo Song Lyrics - නීල වර්ණ නීල කොබෙයියෝ ගීතයේ පද පෙළ
Song Title : Neela Warna Neela Kobeyiyo (නීල වර්ණ නීල කොබෙයියෝ)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ
ගී පද : පී.එච්.කේ. රත්නසිරි


නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment