Mage Neela Nethu Sangalin Song Lyrics - මගේ නීල නෙතු සඟලින් ගීතයේ පද පෙළ

Mage Neela Nethu Sangalin Song Lyrics - මගේ නීල නෙතු සඟලින් ගීතයේ පද පෙළ
Song Title : Mage Neela Nethu Sangalin (මගේ නීල නෙතු සඟලින්)
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ
සංගිතය : චන්ද්‍රදාස බෝගොඩ
ගී පද : ඩෝල්ටන් අල්විස්


මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්

මිදුලේ නිල් බුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා
මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්

හඳ එළියේ හාන්සි වී
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දා

මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment