Mihiri Sihinayaka Dawatunu Song Lyrics - මිහිරි සිහිනයක දැවටුණු ගීතයේ පද පෙළ

Mihiri Sihinayaka Dawatunu Song Lyrics - මිහිරි සිහිනයක දැවටුණු ගීතයේ පද පෙළ
Song Title : Mihiri Sihinayaka Dawatunu (මිහිරි සිහිනයක දැවටුණු)
ගායනය : විජේරත්න වරකාගොඩ
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව හා සංගීතය : වික්ටර් දළුගම


මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...//

අඳුර මැදින්
ළසඳ ලෙසින්
ඔබ ආ හැටි මතකයි
කඳුළු මැදින්
සුසුම මැදින්
ඔබ ගිය හැටි මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි

වැසුණු විමන්
විවර වුණේ
ඔබ වෙනුවෙන් පමණයි
කැකුළු පිපී
පරව ගියා
සුවඳ අදත් මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...//

ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment