හමූස් හදමු (Hummus)

හමූස් හදමු (Hummus) - Your Choice Way

ඔන්න මම තහිනි යොදා ගෙන හදන පලමු Recipe එක ගෙනාවා. අපි අද හමුස් හදමු. මොනවද මේ හමූස් කියන්නේ ? හමූස් කියන්නේ අරාබියෙන් ලෝකය පුරා පැතිරුණු ආහාර වර්ගයක්. මේක හදන්න භාවිත කරන්නේ ඉතාමත් ගුණදායක අමුද්‍රව්‍යයන් වන කඩල, තහිනි, ඔලිව් ඔයිල් වගේ දේවල්. 

මම ඔයාලට තහිනි recipe එක මීට කලින් අරන් ඇවිත් තියනවා. බලලා හදාගන්න.දැන් අපි බලමු හමුස් හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍯 තම්බාගත් කඩල 1 cup
  • 🍯 ඔලිව් ඔයිල් 4-5 tbsp
  • 🍯 සුදු ළූණු බික් 2ක් පමණ
  • 🍯 කඩල තැම්බු වතුර ¼ cup
  • 🍯 දෙහි යුෂ 1 tbsp
  • 🍯 මිරිස් කුඩු 1 tsp
  • 🍯 තහිනි 2 tbsp
  • 🍯 ලුණු රස අනුව
tbsp = මේස හැදි
tsp = තේ හැදි

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම සියල්ල Blender Cup එකට දමා තලපයක් ආකාරයට සැදෙන තෙක් Blender කරගන්න.
  2. ඝන ගතිය වැඩි නම් ඔලිව් ඔයිල් එකතු කර නැවත Blender කරගන්න.
  3. අපිට මේ හමුස් තැවරුමක් ලෙස ද, Dip එකක් ලෙස ද ආහාරයට එකතු කරගන්න පුළුවන්. බාබාලට හමුස් විතරක් වුණත් කෑමට දෙන්න පුළුවන්.
හමූස් හදමු (Hummus) - Your Choice Way

මේ Hummus එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment