Atha Dinayakadi Song Lyrics - ඈත දිනයකදී ගීතයේ පද පෙළ

Atha Dinayakadi Song Lyrics - ඈත දිනයකදී ගීතයේ පද පෙළ
Song Title : Atha Dinayakadi (ඈත දිනයකදී)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : සරත් බාලසූරිය


ඈත දිනයකදී
ගීත සාදෙකදී
නෙතග නෙතග එකට ගැටී දොඩමලු වූවා
එදයි රේණුකාගෙ මතක ලොවේ මා තනිවූයේ //

දනිමි මමත් සබඳ ඔබත් ඇයට ඇති සෙනේ
නමුදු ඇගෙන් මිදෙන සිතක් ඔබට ඇති නොවේ ...//
කිමද රේණුකාගෙ මතක ලොවේ මා පැටලෙන්නේ //

නොගනු මැනවි තවත් ඉතින් සිතට වේදනා
යොවුන් ඔබට ඇයගෙ සුරත් පියුම වාසනා ....//
ඉතින් රේණුකාගෙ මතක ලොවේ මා තනිවෙනවා //

ඈත දිනයකදී
ගීත සාදෙකදී
නෙතග නෙතග එකට ගැටී දොඩමලු වූවා
එදයි රේණුකාගෙ මතක ලොවේ මා තනිවූයේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment