Api Eka Pedesaka Nowa Inne Song Lyrics - අපි එක පෙදෙසක නොව ඉන්නේ ගීතයේ පද පෙළ

Api Eka Pedesaka Nowa Inne Song Lyrics - අපි එක පෙදෙසක නොව ඉන්නේ ගීතයේ පද පෙළ
Song Title : Api Eka Pedesaka Nowa Inne (අපි එක පෙදෙසක නොව ඉන්නේ)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : නොදනී
තනුව : එම්.එම්.ඒ. හක්
1972 දී තිරගත වූ "සුජීවා" චිත්‍රපටියට එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සමග ගැයූ "නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ" නම් ගීයේ තනුව මෙම ගීයට යොදා ගෙන ඇත.


අපි එක පෙදෙසක නොව ඉන්නේ
එනමුදු වගතුග නැහැ දන්නේ
මගතොට දුටුවම හිනැහෙන්නේ
ඇයිදෝ මුවගින් නොදොඩන්නේ

දින දින හදවත වැලපෙන්නේ
ඔබෙ සෙනෙහසමයි අයදින්නේ
නැතුවද මොහොතක් නවතින්නේ
ඇයි මේ ලෙස මට රිදවන්නේ

නව යොවුන් පෙම් මල් වනේ
නුහුරු කුසුමක් සේ පෙනේ
මලක සුවඳින් මත්වෙලා
බමරු එනවද ඉගිලිලා
දකින දකිනා
මලට වහනා
බමරිඳුන් නොව මා
හිතට කැපෙනා
ඔබය ලලනා
ඒ නිසයි එන්නෙ මා

අපි එක පෙදෙසක නොව ඉන්නේ
එනමුදු වගතුග නැහැ දන්නේ
මගතොට දුටුවම හිනැහෙන්නේ
ඇයිදෝ මුවගින් නොදොඩන්නේ

දින දින හදවත වැලපෙන්නේ
ඔබෙ සෙනෙහසමයි අයදින්නේ
නැතුවද මොහොතක් නවතින්නේ
ඇයි මේ ලෙස මට රිදවන්නේ

නුහුරු වුණමුත් වත ඔබේ
නපුරු වුණෙ ඇයි ඔය වගේ
කුළුණු ගුණයයි හදවතේ
තුරුණු ලඳකට ඇති අගේ
රුවට ලොබිනා
අඟනු පතනා
පෙම්වතෙක් නොව මා
වැරදි ඇත්නම් සමාවනු මා
ආයෙමත් එන්නෙ නෑ

අපි එක පෙදෙසක නොව ඉන්නේ
එනමුදු වගතුග නැහැ දන්නේ
මගතොට දුටුවම හිනැහෙන්නේ
ඇයිදෝ මුවගින් නොදොඩන්නේ

දින දින හදවත වැලපෙන්නේ
ඔබෙ සෙනෙහසමයි අයදින්නේ
නැතුවද මොහොතක් නවතින්නේ
ඇයි මේ ලෙස මට රිදවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment