වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls)

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

මම අද දවසෙ කන්න හැදුවා රස කෑමක් . වෙජි මීට් බෝල්ස්. නිර්මාංශ අයට ගොඩාක් හොදයි.හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • මයිසුර් පරිප්පු කප් 1/4
  • රුලං කප් 1 175g
  • කැරට් අල 1 ( සිහින්ව කපා ගත් . මම ග්‍රේට් කලා )
  • කරපිංචා 
  • සුදු ළුනු බික්  6
  • වතුර කප්  2 1/2  +  1
  • ලුනු කුඩු තේ හැදි 1 
  • තුන පහ තේ හැදි  1
  • කහ කුඩු තේ හැදි  1/2
  • මිරිස් කුඩු තේ හැදි  1
  • ගම්මිරිස් කුඩු තේ හැදි  1/2

තෙම්පරාදුව සදහා 
  • පොල් තෙල්මේ ස හැදි   3
  • සුදුරු තේ හැදි 1/2
  • අඹ තේ හැදි 1/2
  • ලොකු ළුනු ගෙඩ් 1 
  • කැලි මිරිස් මේස හැදි 1 
  • ලුනු කුඩු  තේ හැදි 1 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව පරිප්පු සෝදා විනාඩි 15 පෙගෙන්න තබන්න . පසුව භාජනයකට වතුර කප් 1 දමා මද ගින්දරේ පරිප්පු ටික තම්බා ගන්න . තැම්බූනාට පසු පැත්තකින් තබන්න .
  2. දැන් ග්‍රයින්ඩර් එකට කරපිංච , සුදු ළුනු , ලුනු ටිකක් දමා ග්‍රයින්ඩ් කර පේස්ට් එකක් සාදා ගන්න .  එයත් පැත්තකින් තබන්න .
  3. භාජනයකට වතුර කප් 2 1/2 දමා ලිප තබා උතුරන විට ලුනු කුඩු තේ හැදි 1 , කහ කුඩු , තුනපහ කුඩු , ගම්මිරිස් කුඩු , මිරිස් කුඩු සහ කරපිංච පේස්ට් එකෙන් භාගයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . සියඹලා ඇට 1 එකතු කරන්න . 
  4. පසුව කැරට් ටික එකතු කර කලවම් කර  තැම්බෙන තුරු උයා ගන්න . 
  5. දැන් පොල් තෙල් මේස හැදි 1 එකතු කර මිශ්‍ර කරන්න . පසුව රුලං ටික ටික එකතු කරමින් හැදි ගාන්න . එම වෙලාවටම තම්බා ගත් පරිප්පු ටිකත් එකතු කර හොඳින් කලවම් කරන්න . 
  6. දැන් ලිප නිවා දමා ටිකක් වෙලා ලිප මත තබා ලිපෙන් ඉවත් කරන්න . (පහළ පින්තූරයේ පෙන්වා ඇති පරිදි )
  7. ටිකක් නිවුනු පසු අත් දෙකෙහි තෙල් ගාගෙන තරමක බෝල සාදා ගන්න . (පහළ පින්තූරයේ පෙනන පරිදි )
  8. භාජනයක් ලිප තබා පොල් තෙල් දමා අඹ , සුදුරු දමා ටිකක් බැදුනු පසු ඉතිරි කරපිංච පේස්ට් එක එකතු කර මිශ්‍ර කර ලුනු කුඩු , කැලි මිරිස් , එකතු කර මිශ්‍ර කරන්න . 
  9. ටික වේලාවකින්  ළුනු එකතු කර හොඳින් කලවම් කර තෙම්පරාදු කරන්න . 
  10. අවසානෙට  සාදා ගත් වෙජි මීට් බෝල්ස් ටික එකතු කර හොඳින් කලවම් කරන්න . 
හදලා බලන්න කෝ . හරිම රසයි. Dhammika Panangala (ධම්මිකා පනංගල)

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way

වෙජි මීට් බෝල්ස් හදමු (Veggie Meat Balls) - Your CHoice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment