රුලං පෑන් කේක් හදමු ( Rulan Pancakes)

රුලං පෑන් කේක් හදමු ( Rulan Pancakes) - Your Choice Way

අද මම ☕ වෙලාවට කන්න රසවත්  වගේම ගුණ කැමක් හැදුවා . රුලං පෑන් කේක්. හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න  . එන්න හැමෝම කන්න . මෙහෙමයි හැදුවේ 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • රුලං පිටි  කප්  1 175g(යාන්තමට බැදලා ග්‍රයින්ඩර් එකේ ග්‍රයින්ඩ් කලා )
  • පාන් පිටි මේස හැදි     2 
  • උකු පොල්කිරි කප් 1 1/2
  • ලුනු තේ හැඳි 1/2
  • කහ කුඩු තේ හැඳි 1/4

පොල් පැණි සදහා
  • පොල් බැයක පොල් 
  • සීනි 100g
  • ලුණු තේ හැඳි 1 /4
  • කරදමුoගු ඇට 4ක කුඩු  (නැත්නම් වැනිලා තේ හැඳි 1 )

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට  රුලං පිටි, පාන් පිටි , ලුණු , කහ කුඩු  දමා මිශ්‍ර කර උකු පොල්කිරි  ටික ටික එකතු කරමින් හොදින් කලවම් කරන්න . කැටි ගැහෙන්න දෙන්න එපා . 
  2. පසුව පියනකින් වසා විනාඩි 10 තබන්න . 
  3. එම වේලාව අතරතුර පොල් පැණි සාදා ගන්න . 
  4. පලමුව සීනි මේස හැදි 3 දමා කැරමල් කරන්න . එයට උතුරන වතුර මේස හැදි 3 දමා මිශ්‍ර කර ඉතිරි සීනි ටික දමා තව උණු වතුර මේස හැදි 5ක් පමණ දමා සීනි උණු වු විට ලුණු සහ කරදමුoගු කුඩු දමා මිශ්‍ර කර පොල් එකතු කර කලවම් කරන්න . ටික වේලාවකින් තෙත ගතිය නැති වුනා මදි විට ලිපෙන් ඉවතට ගෙන වෙන භාජනයකට දාන්න නිවෙන්න .
  5. විනාඩි 10 ට පසු පැන්කේක් මිශ්‍රණය කලවම් කර උකු ගතිය වැඩි නම් ඉතිරි කරගත් පොල් කිරි දමා ටිකක් දියාරු බැටර් එකක් සාදා ගන්න. 
  6. නන් ස්ටික් pan එකක් ලිප තබා රත් වනවිට මාජරීන් ගා බැටර් එකෙන් ටිකක් ලොකු බොකුටු හැන්දකින් 1 දමා  පසුව ටික වේලාවක් තබා අනිත් පැත්ත දමන්න . 
  7. තවත් ටික වේලාවකින් ඉවත් කර පිගානකට දමා පැණි පොල් මිශ්‍රණයෙන් ටිකක් තබා රෝල් කරන්න . 
හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)

රුලං පෑන් කේක් හදමු ( Rulan Pancakes) - Your Choice Way

රුලං පෑන් කේක් හදමු ( Rulan Pancakes) - Your Choice Way

රුලං පෑන් කේක් හදමු ( Rulan Pancakes) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment