Hitha Mithuru Sulanga Song Lyrics - හිත මිතුරු සුළඟ ගීතයේ පද පෙළ

Hitha Mithuru Sulanga Song Lyrics - හිත මිතුරු සුළඟ ගීතයේ පද පෙළ
Song Title : Hitha Mithuru Sulanga (හිත මිතුරු සුළඟ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න


හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්...//

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment