Dakapu Gaman Age Song Lyrics - දැකපු ගමන් ඈගේ ගීතයේ පද පෙළ

Dakapu Gaman Age Song Lyrics - දැකපු ගමන් ඈගේ ගීතයේ පද පෙළ

Dakapu Gaman Age Song Lyrics - දැකපු ගමන් ඈගේ ගීතයේ පද පෙළ
Song Title : Dakapu Gaman Age (දැකපු ගමන් ඈගේ)
ගායනය : මල්ලිකා කහවිට
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි


(දැකපු ගමන් ඈගේ
සිරියාව කොමළ මූණේ
සිහිය නැතුව මාගේ
මම එතන ගල් වුණානේ
හයි හයි හයි හයි )

දැකපු ගමන් ඈගේ
සිරියාව කොමළ මූණේ ...//
සිහිය නැතුව මාගේ //
මම එතන ගල් වුණානේ
දැකපු ගමන් ඈගේ
සිරියාව කොමළ මූණේ

මනමාලිය අයියාගේ
නිල් මැණික් කැටය වාගේ ...//
හොඳට කැපෙන රූපේ //
හෙට උනත් හොඳයි දීගේ

දැකපු ගමන් ඈගේ
සිරියාව කොමළ මූණේ ...//

දුකට සැපට අපගේ
සිටි එකම අම්ම වාගේ ..//
ගෙන දේවි දවස ගානේ //
සැණසිල්ල සිතට මාගේ

දැකපු ගමන් ඈගේ
සිරියාව කොමළ මූණේ ...//

පොත පත කියවාලා
පාසැලට මාව යවලා ..//
මහ උගතෙකු කරවාලා //
ඇය ඉඳියි රැක බලාලා

දැකපු ගමන් ඈගේ
සිරියාව කොමළ මූණේ ...//
සිහිය නැතුව මාගේ //
මම එතන ගල් වුණානේ

දැකපු ගමන් ඈගේ
සිරියාව කොමළ මූණේ ...//

මෙම ගීය 1964 දී තිරගතවූ " සිතක මහිම" චිත්‍රපටියෙනි.

එම චිත්‍රපටියේ ගී බහුතරයක් හින්දි හෝ ද්‍රවිඪ ගී තනු වලට නිර්මානය වී ඇත. මෙම ගීය ද ද්‍රවිඪ ගී තනුවකට නිර්මානය වන්නට ඇති බවට ගීයේ හැඩ තල අනුව ඒත්තු යයි. එය සත්‍ය වශයෙන්ම තහවුරු කරන්නට මෙතෙක් ගවේෂණාත්මක කරුණු ප්‍රමාණවත් නැත. ඉදිරියේදී ඒ තොරතුරු ඉදිරිපත් කරන්නම්.

ආර්. මුත්තුසාමි සිංහල සංගීතයට ඉමහත් සේවයක් කළ, විදේශිකයෙකු වුවත් සිංහල බෞද්ධයෙක් සේ මේ රටේ ජීවත් වූ පිදිය යුතු උත්තමයෙක්. චිත්‍රපටි දෙසීය ගණනකට සංගීත අධ්‍යක්ෂණය කර ඇති ඔහු, එහිදී අනුකාරක ගී බොහොමයක් යොදා ගෙන තියෙනවා. එලෙසම ස්වතන්ත්‍ර නිර්මාණ ද එවැනිම ප්‍රමාණයක් කර තියෙනවා. ඉතිං ඉහත ගීය ගැන තොරතුරු හොයන්න හුඟාක් මහන්සි වුණා. තවත් හොයනවා. ඉවර නෑ. 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment