හෑෂ් බ්‍රවුන්ස් හදමු (Crispy Hash Browns)

හෑෂ් බ්‍රවුන්ස් හදමු (Crispy Hash Browns) - Your Choice Way
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලොකු පොඩි කවුරුත් කැමති Tea Time එකට කියාපු කෑම වර්ගයක් ගැන.අපි බලමු හෑෂ් බ්‍රවුන්ස් (Hash Browns) හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍪 අල ගෙඩි 02
  • 🍪 ගම්මිරිස්
  • 🍪 කෑලි මිරිස් (අවශ්‍ය නම් පමණක්)
  • 🍪 ලුණු
  • 🍪 පාන් පිටි හැදි 02 (තමන් කැමති පිටි වර්ගයක්)
  • 🍪 බැඳ ගැනීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. අල ග්රේට් (Grate - හීනියට කපා ගන්න) කර ගෙන මුලින්ම අයිස් වතුර එකකට දමන්න. 
  2. ඉන් පසු ටික වේලාවක් අල ටික අයිස් වතුරේ තියලා අල වල පිටි ගතිය ඉවත් වන තෙක් සෝදා ගන්න. (තුන් වරක් පමණ) 
  3. සෝදා ගත් අල රෙදි කෑල්ලකට දමා මිරිකා වතුර ඉවත් කර ගන්න. 
  4. ඉන්පසු මෙම අල වලට ගම්මිරිස්, ලුණු, පාන්පිටි දමා කලවම් කර ගන්න.
  5. දැන් කලවම් කරගත් මිශ්‍රනය අතින් කැමති හැඩ හදා පෑන් එකකට 🍳 තෙල් ටිකක් දමා අඩු ගින්දරේ පියනකින් වසා රන්වන් පාට වන තෙක් බැඳ ගන්න.

💡 අපිට මේක තවත් රසවත් කර ගන්න ඵෑණු, කරපිංචා, ටිකක් හීනියට ලියාගෙන එක් කළ හැකිය.
💡 පාන්පිටි වෙනුවට ඔයා කැමති ඕනේම පිටි වර්ගයක් එක් කරගන්න.

හෑෂ් බ්‍රවුන්ස් හදමු (Crispy Hash Browns) - Your Choice Way
එහෙනම් හෑෂ් බ්‍රවුන්ස් (Hash Browns) හදලා අපිටත් රස කියන්න...තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...
රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment