Chandra Bimbayuru Song Lyrics - චන්ද්‍ර බිම්බයුරු ගීතයේ පද පෙළ

Chandra Bimbayuru Song Lyrics - චන්ද්‍ර බිම්බයුරු ගීතයේ පද පෙළ
Song Title : Chandra Bimbayuru (චන්ද්‍ර බිම්බයුරු)
ගායනය : නාරද දිසාසේකර
සංගීතය : නාරද දිසාසේකර
පද රචනය : කරුණාරත්න අබේසේකර


චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..//

අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
පුඟුලන් මැද දෙරණේ..
ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
නිරතුරු ඔබ සෙවනේ...

චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..//

අදත් සිනාසී හමුවූ අයුරින්
භින්න රුචික මෙලොවේ...
හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
අප හමුවිය යුතු වේ...

චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment