Ada Dewiyan Apage Muna Baliwa Song Lyrics - අද දෙවියන් අපගේ මූණ බැලුවා ගීතයේ පද පෙළ

Ada Dewiyan Apage Muna Baliwa Song Lyrics - අද දෙවියන් අපගේ මූණ බැලුවා ගීතයේ පද පෙළ

Ada Dewiyan Apage Muna Baliwa Song Lyrics - අද දෙවියන් අපගේ මූණ බැලුවා ගීතයේ පද පෙළ
Song Title : Ada Dewiyan Apage Muna Baliwa (අද දෙවියන් අපගේ මූණ බැලුවා)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය : ඒ. ජේ. සොයිසා
සංගීතය : ආර්. මුත්තුසාමි 1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ගීයකි.

ආ... දෙවියන් අපේ මූණ බැලුවා ...
හොඳ දේ කළොත් හොඳම වෙනවා
පූරුවේ පිනක් කඩන් හැලුනා
දුප්පත් කමේ අඳුර මැකුණා

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ //
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
හෝ හෝ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ //

හොඳ දේ කෙරුවොත් කවදාවත් නෑ ඒකෙන් වරදින්නේ //
දුප්පත් නමටයි දුක් විඳගෙන අපි කාලෙ ගෙනියන්නේ //

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ //

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා ...//

කාලා බීලා ජොලි කැන්න දන්නවා අපි
ඒ වුණාට ඒ විකාර දෙන්නෙ නෑ හැපී ...//

මල් වාගේ පෝසත්තුන් බෝම ඉන්නවා
මේ පොඩි කොල්ලන්ගෙන් නම් වැඩක් කෙරෙණවා ...//

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා ...//

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ //
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
හෝ හෝ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment