Kurulu Kobeyi Parewi Wageyi Song Lyrics - කුරුළු කොබෙයි පරෙවි වගෙයි ගීතයේ පද පෙළ

Kurulu Kobeyi Parewi Wageyi Song Lyrics - කුරුළු කොබෙයි පරෙවි වගෙයි ගීතයේ පද පෙළ
Song Title : Kurulu Kobeyi Parewi Wageyi (කුරුළු කොබෙයි පරෙවි වගෙයි)
ගායනය : ලතා වල්පොල,මල්ලිකා කහවිට සහ පිරිස
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි


හා.. ආආ අඅ ආ ....
ආ ආ ආ අඅ ආ....

කුරුළු කොබෙයි පරෙවි වගෙයි වනය සරාලා
ඔමරි පපා මුකුලු නඟා විහිළු කියාලා
රස විහිළු කියාලා
රස විහිළු කියාලා ...//

සඳුන් වනේ සමන් වැලේ සුවඳ උරාලා
අම සුවඳ උරාලා
අම සුවඳ උරාලා ...//
නාරිලතා ලීලෙ පපා බඳ ලෙලවාලා
රඟමු වනේ තුරු සෙවණේ පොකුරු ගැසීලා
අපි පොකුරු ගැසීලා
අපි පොකුරු ගැසීලා

අඹ දඹ දං පැණි රඹුටන් ජයට හැදීලා
හරි ජයට හැදීලා
හරි ජයට හැදීලා ...//
ජම්බු පාට නෑනගෙ කම්මුලට වැදීලා
රන ගිරවා ගිරවි ට පෙම් දමෙහි බැඳීලා
පෙම් දමෙහි බැඳීලා
පෙම් දමෙහි බැඳීලා

සමනලයන් නොදැක කුසුම් හැඩට පිපීලා
හොඳ හැඩට පිපීලා
හොඳ හැඩට පිපීලා ...//
හමන සිසිල් සුළඟ නටයි එකට හැපීලා
ගුවන් තලෙන් නඳුන් වනේ බිමට වැටීලා
මේ බිමට වැටීලා
මේ බිමට වැටීලා

කුරුළු කොබෙයි පරෙවි වගෙයි වනය සරාලා
ඔමරි පපා මුකුලු නඟා විහිළු කියාලා
රස විහිළු කියාලා
රස විහිළු කියාලා  (ආ ආ ආ අඅ ආ.... ) ////

1961 දී තිරගත වූ ‘කුරුළු බැද්ද’ චිත්‍රපටියේ ගීයකි.

මුල් ගීයේ හඬ මුසුව ..
නිල් - මල්ලිකා කහවිට
රතු - නීලියා පෙරේරා
කොළ - පිරිස

මේ ගීය පටි ගත කිරීමට නියමිත අවස්ථාවේ එක් ගායිකාවක් පැමිණ සිටියේ නැත. පටි ගත කිරීම නැරඹීමට පැමිණ සිටි නීලියා පෙරේරාට ගීයේ පේළි දෙකක් තනිව ගයන්නට අවස්ථාව උදාවූයේ එහෙයිනි. පසු කලෙක මුත්තුසාමි මාස්ටර් ගේ බිරිඳ වන්නේ මේ නීලියා පෙරේරා යි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment