Sathekda Pirimiyekda Song Lyrics - සතෙක්ද පිරිමියෙක්ද ගීතයේ පද පෙළ

Sathekda Pirimiyekda Song Lyrics - සතෙක්ද පිරිමියෙක්ද ගීතයේ පද පෙළ
Song Title : Sathekda Pirimiyekda (සතෙක්ද පිරිමියෙක්ද)
ගායනය : මල්ලිකා කහවිට
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.


ලලාල ලාලාලා ලලාල ලා
ලලාල ලාලාලා ලලාල ලා ..//

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ ...//

කුකුළ් හොරෙක්ද මන්දා ආවේ
මෙහාට කවුද පාර කිව්වේ ..//

කැලේදි අල්ලා
මෙහේ ගෙනල්ලා
රිලා මහල්ලා මුලාවෙලා ...//

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ ...//

දියෙන් ගෙනාව ඉස්සා වාගේ
ගැහෙන්නෙ ඇයි මොකද්ද රෝගේ ...//

අතින් කපාලා
ඇඳුම් පොරෝලා
සදාපු බිල්ලා වගේ බොලේ ...//

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ ...//


නැවිච්ච කොන්ද දුන්න වාගේ
ගනිල්ල රූපයක් මෙයාගේ ..//

සිමෙන්ති මූණයි
ගඩොල් හිනාවයි
මුලිච්චි වූ දා මළා තමයි ...//

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ ...//

ලලාල ලාලාලා ලලාල ලා
ලලාල ලාලාලා ලලාල ලා ..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment