දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 15 ලෝක දෑත්‌ සේදීමේ දිනය (Significance Of The Day - October 15 Global Handwashing Day)

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 15 ලෝක දෑත්‌ සේදීමේ දිනය (Significance Of The Day - October 15 Global Handwashing Day) - Your Choice Way

ලෝක දෑත් සේදීමේ දිනය අදයි.

ලෝක දෑත් සේදීමේ දිනය සෑම වසරකම ඔක්තෝබර් මස 15 වන දිනට යෙදෙන අතර එය පෞද්ගලික හා රාජ්‍ය ආයතන සමූහයක එකතුවකින් සුසැදි ලෝක එකමුතුවකි.

2008 වසරේදී ප්‍රථමවරට සමරන්නට යෙදුනු මෙමෙ දිනය සබන් යොදා දෑත් සේදීම තුළින් බෝවන රෝග වැළැක්වීමට දක්වන දායකත්වය සම්බන්ධයෙන් ලොව පුරා වෙසෙන ජනතාව දැනුවත් කිරීමට යොදා ගනු ලබයි.

එමගින් ලෝකවාසි ජනතාව තුළ සබන් යොදා දැත් සේදීමේ යහපත් පුරුද්ද ඇති කිරීම එහි මූලික අරමුණ වෙයි.

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය අභිමුව පෙරටත් වඩා දෑත් සේදීමේ යහ පුරුද්ද වඩා වර්ධනය කර ගැනීම අත්‍යාවශ්‍ය ‍යුගයක අපි සැම සිටින්නෙමු.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment