දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 15 ජාත්‍යන්තර සුදු සැරයටි දිනය (Significance Of The Day - October 15 White Cane Safety Day)

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 15 ජාත්‍යන්තර සුදු සැරයටි දිනය (Significance Of The Day - October 15 White Cane Safety Day) - Your Choice Way
ලෝක සුදු සැරයටි දිනය අද යි.

සුදු සැරයටිය යනු දෘෂ්‍යාබාධිත තැනැත්තන්ගේ චලතාවය හා දිශානතිය පිළිබඳව අවශයතාවය පරිමසන්නාවූ මෙවලමයි. මෙම මෙවලම් දෘෂ්‍යාබාධිත තැනැත්තන්ගේ අනන්‍යතා සංකේතය ලෙසින්ද සැලකේ. සුදු සැරයටිය භාවිතා කරන දෘෂ්‍යාබාධිතයකු තුළ පරායක්තතා හැගීම අවම වන අතර, ඔවුන් තුළ සුරක්ෂිතතාව, ස්වාභිමානය සහ ස්වාධීනත්වය පිළිබඳව හැගීම් තහවුරු වේ.

දෘෂ්‍යාබාධිත තැනැත්තන්ට අදාලව මෙවැනි සුවිශේෂී මෙවලමක් වන සුදු සැරයටිය පාදක කර ගනිමින් ඔක්තේබර් 15 දින ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. විශේෂයෙන්ම දෑස් නොපෙනෙන ප්‍රජාව කෙරෙහි දෑස් පෙනෙන සමාජයේ ඇස් අරවීම තුළින් දෘෂ්‍යාබාධිත තැනැත්තන් මුහුණ දෙන සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික ගැටළු සහ බාධක ඉවත් කරලීම මෙම දිනයෙහි අරමුනයි.

👉 1964 වසරේ සිට ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සැමරිම සිදු වන අතර ශ‍්‍රී ලංකාව එම දිනය සමරනු ලබන්නේ 1969 වසරේ සිටයි.

👉 අන්ධ හෝ වෙනත් දෘශ්‍යාබාධවලින් පෙළෙන්නෙකුට මාර්ගයේ ගමන් කරන විට විවිධ අපහසුතාවලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවේ.
 
👉 මෙම අපහසුතාවලින් මිදීමට සුදු සැරයටිය නම් උපකරණය හඳුන්වා දී තිබේ.

👉 එමඟින් ඔවුන් ගමන් කරන විට පඩිපෙළවල් හා විවිධ බාධක කල් තියා දැනගැනීමට හැකියාවක් ඇති අතර, එහෙයින් ඒවා පසුකර හෝ සාර්ථක ව තරණය කළ හැකියි.

👉 මෙවැනි උපකරණයක් ලෝකයට හඳුන්වාදීමට මූලික වූයේ පළමු හා දෙවන ලෝක යුද්ධ යි.

👉 ලොව පුරා ඔක්තෝම්බර් මස 15 වන දින ලෝක සුදු සැරයටි දිනය ලෙස හඳුන්වා දී තිබේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment