පනීර් තෙම්පරාදුව හදමු 🍲🍲🍲 (Tempered Paneer Hadamu)

පනීර් තෙම්පරාදුව හදමු 🍲🍲🍲 (Tempered Paneer Hadamu)
මීට කලින් recipe එකෙන් මම ඔයාලට පනීර් හදන හැටි කියලා දුන්නා. දැන් අපි ඒ පනීර් වලින් රස තෙම්පරාදුවක් හදමු.අපි බලමු මේ පනීර් තෙම්පරාදුව හදන්න අවශ්‍ය මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍲 පනීර් (කිරි 2L කින් හදාගත්)
  • 🍲 සාමාන්‍ය තරමේ රට ළූණු 02(කපාගත්)
  • 🍲 කරපිංචා ඉති 2 ක්
  • 🍲 සුදු ළූණු බික් 1ක් (චොප් කරගත්)
  • 🍲 කුරුදු පොඩි කෑල්ලක්
  • 🍲 පොඩි ගොරකා කෑල්ලක්
  • 🍲 අබ ටිකක්
  • 🍲 කෑලි මිරිස් (රස අනුව)
  • 🍲 මිරිස් කුඩු (රස අනුව)
  • 🍲 ගම්මිරිස් (රස අනුව)
  • 🍲 ලුණු (රස අනුව)
  • 🍲 පොල් තෙල්
  • 🍲 තක්කාලි සොස්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම පනීර් අවශ්‍ය තරමේ පමණ කෑලි කපාගන්න. ඉන්පසු පනීර් කෑලිවලට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, තක්කාලි සොස් පොඩි ප්‍රමාණවලින් එකතු කර හොදින් කලවම් කර Pan එකක දමා හතර පැත්තම පුච්චගන්න.
  2. දැන් Pan එකට තෙල් දමා රත් වු විට අබ ටික එකතු කර අබ පුපුරන විට රට ළූණූ, සුදු ළූණූ, කරපිංචා, කුරුදු කෑල්ල, ගොරකා කෑල්ල දමා හොදින් බැදගන්න. (රට ළූණූ, සුදු ළූණූ රන්වන් පාට වන තෙක් බැදගන්න)
  3. ඉන්පසු කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණු එකතු කර ටික වේලාවක් කලවම් කරන්න. 
  4. දැන් එම තෙම්පරාදුවට Paneer කෑලි එකතු කර හොදින් කලවම් කර ලුණු බලා ලිප off කර ටික වේලාවක් වසා තබා කෑමට ගන්න.
පනීර් තෙම්පරාදුව හදමු 🍲🍲🍲 (Tempered Paneer Hadamu)

මේ Tempered Paneer හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.රස පදම

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment