Sihinayak Song Lyrics - සිහිනයක් ගීතයේ පද පෙළ

Sihinayak Song Lyrics - සිහිනයක් ගීතයේ පද පෙළ
Song Title : Sihinayak (සිහිනයක්)
ගායනය : නදීක ජයවර්ධන
ගී පද : රුක්ෂාන් මාක්
තනුව : රුක්ෂාන් මාක්


රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යෞව්වනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
ප්‍රියාදරියේ //

රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

මා සුන්දර සිහිනයක් මැව්වා///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment