වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya)

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ගැන...

මුලින්ම කියන්න ඕනේ භාවනානුයෝගී බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින පුදබිමක් මේක..

සියඹලාණ්ඩුව-අම්පාර මාර්ගයේ 7 කණුව අසලින්  මාර්ගයේ වම්පසින් ඇති  අතුරු මගක මීටර 150  ක් පමණ ගමන්කොට මෙම ඉපැරණි පුද බිම වෙතට ලඟා  වෙන්න පුලුවන්...

මෙම ඉපැරණි විහාරස්ථානය වර්ථමානයේ ආරණ්‍ය සේනාසනයක්.. 

මෙම ස්ථානයේ පිහිටි විශාල පර්වතයේ දකුණු පසින් බෑවුමෙහි විහාරයට අයත් ඉපැරණි ඉදිකිරීම බොහෝමයක් දක්නට ලැබෙනවා... 

ඒ වගේම කටාරම් කෙටූ ලෙන් කීපයක්ම මෙම විහාර බිමෙහි දක්නට ලැබෙනවා...

එම ලෙන් කටාරම් කොටා මනාව සකස්කොට තිබූ ඒවා වෙනවා.. 

ඒ වගේම මේ පර්වත මුදුනෙහි අභිනවයෙන් ඉදිකල දාගැබක් ස්ථාපිත කරලා තියෙනවා. 

තහවුරු නොකල ඉපැරණි ගොඩනැගිලි කීපයක හා ප්‍රාකාර බැමිවලට අයත් නටඹුන් ද අවට වනයේ දක්නට ලැබෙනවා. 

ඒ ගොඩනැගිලි වලට පිවිසීම සඳහා ඉදිකල දොරටු ආශ්‍රිතව ඉදිකඑ තිබූ සරලම නිමාවෙන් යුතු සඳකඩ පහන් හා කොරවක් ගල් ආදිය ද මෙහි දක්නට ලැබෙනවා... 

චාම් සරල නිමාවෙන් යුක්ත මෙම ඉදිකිරීම් නිසැකවම රුහුණේ මුල් යුගයට අයත්වනවාට සැකයක් නැහැ.

ඔබත් මෙහි ගියාට කමක් නෑ හැබැයි භාවනායෝගී භික්ෂූන් වහන්සේලාට කරදරයක් නොවෙන්න හැසිරෙන්න

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

වන අරණට මැදි - සඳකැබැල්ල ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Sandakebella Aranya Senasanaya) - Your Choice Way

උපුටා ගැනීම් -
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment