Sandak Nam Basa Yanna Thibuna Song Lyrics - සඳක් නම් බැස යන්න තිබුනා ගීතයේ පද පෙළ

Sandak Nam Basa Yanna Thibuna Song Lyrics - සඳක් නම් බැස යන්න තිබුනා ගීතයේ පද පෙළ
Song Title : Sandak Nam Basa Yanna Thibuna (සඳක් නම් බැස යන්න තිබුනා)
ගායනය : රොහාන් ශාන්ත බුලේගොඩ
තනුව : එච්. එම්. ජයවර්ධන
පද : දයා ද අල්විස්


සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
ක‍ටු අගට ලස්සන නොදී //

පරෙවි තුඩකින් විළඳ දුන්නට
ගිරවියක වළඳන්නේ නෑ
කඳුළු බිඳුවක ‍රැ‍ඳෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ

සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
ක‍ටු අගට ලස්සන නොදී

පොළොව උසුලන සියළු දුක සැප
අහස් තලයෙනි හිමි වුනේ
පොළෝ තලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ

සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
ක‍ටු අගට ලස්සන නොදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment