Bodhiyen Wata Bo Pathak Se Song Lyrics - බෝධියෙන් වට බෝ පතක් සේ ගීතයේ පද පෙළ

Bodhiyen Wata Bo Pathak Se Song Lyrics - බෝධියෙන් වට බෝ පතක් සේ ගීතයේ පද පෙළ
Song Title : Bodhiyen Wata Bo Pathak Se (බෝධියෙන් වට බෝ පතක් සේ)
ගායනය : ඩබ්ලිව්.ඩී. අමරදේව
සංගීතය : ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද : පල්ලේගම හේමරතන හිමි


බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ

සැලෙන බෝපත් සෙමින් මුමුණන
මියුරු බුදුගුණ සරින් සැනහී
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්

බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී වැතිර ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ

ළදළු බෝ පත් තෙමා වෑහෙන
රිදීවන් සඳ දියෙන් නැහැවී
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්

බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment