Nurse Nona Song Lyrics - නර්ස් නෝනා ගීතයේ පද පෙළ

Nurse Nona Song Lyrics - නර්ස් නෝනා ගීතයේ පද පෙළ
Song Title : Nurse Nona (නර්ස් නෝනා)
Singing : Gypsies with Sunil Perera


නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

ලිස්සා වැටුනා මෙ මං කරුවලේ
හැපුණා මගෙ ඔලුව කළු ගලේ
උස්සා ගොසින් මාව එවේලේ
අනේ දැම්ම නේද ඉස්පිරිතාලේ

අයියෝ සිහිය නැතුව මාව ගෙනාවේ
ලේ ගලමින් බහින කලාවේ
මට සිහිය ඇවිත් බලපු වෙලාවේ
අනේ මම ඇඳ යට නේද ඉලව්වේ

නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

වේදනාව වැඩි නිසා මොළේ
මම කෑ ගැසුවා බොහොම කලබලේ
සාත්තු සේවකයා එ වේලේ
ඇවිත් පයින් ඇන්න කරුවලේ

මම කෑ ගැසුවා මර හඬ දීලා
නර්ස් ආව දඩිබිඩි ගාලා
සාත්තු සේවකයා අල්ලලා
අනේ තල්ලුකෙරුව මාව බේරලා

නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

නර්ස් නෝන අනේ හැබෑට
ආවේ මව් කෙනෙක් විලසට
නැත්තන් ඇටෙන්ඩන්ගෙ පාරට
මම නම් මැරෙනවා ඇඳ යට

බටර් පාන් කිරි තේ වතුර
මට ගෙනත් දුන්න වෙලා කඩිසර
මම එනකන් උදේ පාන්දර
බබා නිදා ගන්න නොකර කරදර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment