Nethin Gala Yana Song Lyrics - නෙතින් ගලා යන ගීතයේ පද පෙළ

Nethin Gala Yana Song Lyrics - නෙතින් ගලා යන ගීතයේ පද පෙළ
Song Title : Nethin Gala Yana (නෙතින් ගලා යන)
ගායනය :  චන්දන ලියනාරච්චි
සංගීතය : ප්‍රියන්ත නාවලගේ


නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

ඔහුට පුදන්නට පිවිතුරු පෙම් බස්
තවමත් ඔබ ලඟ ඇත්ද ලයේ
මා වැනි ඔහුටත් කෙබදු දිනක හෝ
ඔබ කී පෙම් බස් සිත පාරයිද ලඳේ

නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

ඔබ ගියදා සිට අදටත් සිත ළඟ
දහසක් පෙම් මල් පිපී වැඩේ
ඒ වගෙ මල් වල පහස විඳින්නට
තවමත් මගෙ සිත බයයි ලඳේ

නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment