Nanda Mama Denna Song Lyrics - නැන්දා මාමා දෙන්නා ගීතයේ පද පෙළ

Nanda Mama Denna Song Lyrics - නැන්දා මාමා දෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Nanda Mama Denna (නැන්දා මාමා දෙන්නා)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ 
පද : ආචාර්ය රෝහණ බැද්දගේ
තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


නැන්දා මාමා දෙන්නා

නැන්දා මාමා දෙන්නා
එක බහක් නොදී ළතවෙන්නා දෙන්නා දෙපැත්තේ
දවසින් දවස ගෙවෙන්නා
කරකාර බැඳන් යන්න ඉඩක් නෑ
දූගෙ කැමැත්තේ

කරට බඳින රන් මිණි මුතු මාලා
කනට ඔබින රන් තෝඩු දමාලා
අතට ගිගිරි රන් වළලු දමාලා
ඇඟව ඔසරි සුදු සේල දමාලා

ලස්සණ සිහින මැවෙන්නේ
දවසින් දවස ගෙවෙන්නේ
මැණිකේ කඳුළු සලන්නේ
බොලේ ඉතින් මොකද කොරන්නේ

නැන්දා මාමා දෙන්නා

නැන්දා මාමා දෙන්නා
එක බහක් නොදී ළතවෙන්නා දෙන්නා දෙපැත්තේ
දවසින් දවස ගෙවෙන්නා
කරකාර බැඳන් යන්න ඉඩක් නෑ
දූගෙ කැමැත්තේ

බන්දා සිත දෙගුරුන් පද වන්දා
අන්දා පට පිළි බරණ පළන්දා
බන්දා තොරන් සැරසිලි මන නන්දා
කැන්දන් යන්නේ කවද ද මන්දා

ලස්සණ සිහින මැවෙන්නේ
දවසින් දවස ගෙවෙන්නේ
මැණිකේ කඳුළු සලන්නේ
බොලේ ඉතින් මොකද කොරන්නේ

නැන්දා මාමා දෙන්නා

නැන්දා මාමා දෙන්නා
එක බහක් නොදී ළතවෙන්නා දෙන්නා දෙපැත්තේ
දවසින් දවස ගෙවෙන්නා
කරකාර බැඳන් යන්න ඉඩක් නෑ
දූගෙ කැමැත්තේ

කරකාර බැඳන් යන්න ඉඩක් නෑ
දූගෙ කැමැත්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment