අලු කෙසෙල් සම්බෝලය හදමු (Ash Plantain Sambal Hadamu)

අලු කෙසෙල් සම්බෝලය හදමු (Ash Plantain Sambal Hadamu) - Your Choice Way
අලු කෙසෙල් කිරට, තෙල් දාලා, මෝජු හදලා කාලා ඇති වෙලාද? මෙන්න විසදුම අපි අද හදමු අලු කෙසෙල් සම්බෝල. මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුලුවන්. ඒ තරමට මේ සම්බෝලය හරිම රසයි. එහෙනම් අපි බලමු අලු කෙසෙල් සම්බෝලය හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ☑️ අලු කෙසෙල් 500 g
  • ☑️ පොල් බෑයක ගාගත් පොල්
  • ☑️ රටලුණු ගෙඩියක්
  • ☑️ කරපිංචා ඉති 2-3ක්
  • ☑️ තක්කාලි ලොකු ගෙඩියක්
  • ☑️ අමු මිරිස් කරල් කිහිපයක්
  • ☑️ කහ කුඩු ස්වල්පයක්
  • ☑️ මිරිස් කුඩු අවශ්‍ය පමණ
  • ☑️ ලුණු රස අනුව
  • ☑️ පොල් තෙල් ස්වල්පයක්
  • ☑️ අබ ඇට

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම අලු කෙසෙල් හීනියට කපා ගන්න.
  2. දැන් කපා ගත් අලු කෙසෙල් භාජනයකට දමා එයටම කරපිංචා, රම්පේ, අබ, තෙල් හැර අනෙක් සියල්ල එකතු කර හොදින් කලවම් කරන්න.
  3. ඉන්පසු Pan එකකට තෙල් දමා ලිප තබා රත් වු පසු අබ එකතු කර පුපුරන විට කරපිංචා, රම්පේ එකතු කර ටික වේලාවක් කලවම් කරගන්න.
  4. ඉන්පසු එයට අලු කෙසෙල් මිශ්‍රනය දමා කලවම් කර පියනකින් වසා අඩු ගින්දරේ උයාගන්න.

අලු කෙසෙල් සම්බෝලය හදමු (Ash Plantain Sambal Hadamu) - Your Choice Way
මේ අලු කෙසෙල් සම්බෝලය හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment