Nage Nubata Dana Gannayi Kiyanne Song Lyrics - නඟේ නුඹට දැන ගන්නයි කියන්නේ ගීතයේ පද පෙළ

Nage Nubata Dana Gannayi Kiyanne Song Lyrics - නඟේ නුඹට දැන ගන්නයි කියන්නේ ගීතයේ පද පෙළ
Song Title : Nage Nubata Dana Gannayi Kiyanne (නඟේ නුඹට දැන ගන්නයි කියන්නේ)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ සහ පිරිස
පද : ආචාර්ය රෝහණ බැද්දගේ
තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


නඟේ නුඹට දැන ගන්නයි කියන්නේ
ගම්මානෙට හොරු එනවා බොලන්නේ

ආල වඩන සුරංගනා කතා කියන්නේ
මාල වළලු පළඳන්නයි මාන බලන්නේ
බාල බොළඳ සිත රවටා ගන්න සොඳුරු ගම්මානේ
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

අඹ රඹුටන් මොර මාදන් වෙරළු ජම්බු ජමනාරන් //
නුඹ වටකර අතු බරවී ගම හැඩ වෙන්නා
එහෙව් නඟේ නුඹ මොකටද එතෙර එදේසෙන් එන එන
අරුමෝසම් පොදි බැඳගන්නේ
පොකුරු පොකුරු රස පලතුරු ඇත නිරතුරු ඇතිවන තුරු
ගමට නුහුරු
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

ආල වඩන සුරංගනා කතා කියන්නේ
මාල වළලු පළඳන්නයි මාන බලන්නේ
බාල බොළඳ හිත රවටා ගන්න සොඳුරු ගම්මානේ
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

ඉද්ද සමන් අරලිය මල් වැටට උඩින් කුඹුරෙ ගොයම් //
නුඹ වටකර කිරට නැමී ගම හැඩ වෙන්නා
එහෙව් නඟේ නුඹ මොකටද එතෙර එදේසෙන් එන එන
අරුමෝසම් පොදි බැඳගන්නේ
අපට මිතුරු ලෙස විසකුරු නෙක උවදුරු ඇති නිරතුරු
ගමට නුහුරු
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

ආල වඩන සුරංගනා කතා කියන්නේ
මාල වළලු පළඳන්නයි මාන බලන්නේ
බාල බොළඳ හිත රවටා ගන්න සොඳුරු ගම්මානේ
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment