Malsara Balma Hela Song Lyrics - මල්සරා බැල්ම හෙළා ගීතයේ පද පෙළ

Malsara Balma Hela Song Lyrics - මල්සරා බැල්ම හෙළා ගීතයේ පද පෙළ
Song Title : Malsara Balma Hela (මල්සරා බැල්ම හෙළා)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ
පද : ආචාර්ය රෝහණ බැද්දගේ
තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


මල්සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරණවා
රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා

හිත බැන්ද සෙනේ මම් පවසන්නෙම් ද කොයි ලෙසින්
රන්මලී ...
මල්සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරණවා
රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා

තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිණිහිරිය මලී
විස්තර දුටුවද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුළී ...//
ලස්සණ හුරුබුහුටි කමට දිලෙනා දෑතින් ළකලී
ඉස්සර කළ පිනට මගේ පිපුණා බල ළඳ කොමලී //

මල්සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරණවා
රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා

හිත බැන්ද සෙනේ මම් පවසන්නෙම් ද කොයි ලෙසින්
රන්මලී ...
මල්සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරණවා
රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා

ලස්සණ ගුණ කනක බරණ සවන් පැළැඳි පුල්ලි මලී
ඇස් නිලුපුල් පෙති ගෝමර ගෙල වට දිලි රුවන් මලී ...//
කොස් උයනේ මගේ පැලට එළිය දෙන්ට පිපුණු මලී
වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලී //

මල්සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරණවා
රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment