Koswathukande Rosalin Nandage Song Lyrics - කොස්වතුකන්දේ රොසලින් නැන්දගෙ ගීතයේ පද පෙළ

Koswathukande Rosalin Nandage Song Lyrics - කොස්වතුකන්දේ රොසලින් නැන්දගෙ ගීතයේ පද පෙළ
Song Title : Koswathukande Rosalin Nandage (කොස්වතුකන්දේ රොසලින් නැන්දගෙ)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


අනේ හැබෑටම මෙහෙමත් නාටක

කොස්වතුකන්දේ රොසලින් නැන්දගෙ
ඉහේ මලක් පිපිලා හරි ඉහළයි
මද්දුම දෝණිට ගැළපෙන පන්නෙට
බෑනා කෙනෙක් ලැබිලා ...//

කන්තෝරුවක වැඩ ලොකු තනතුරකයි
ගේ දොර වතු සින්නක්කර තිබුණයි
ගජරාමෙට ඉංගිරිසි කතාවයි
කියල නිමක් නෑ බෑනගෙ විස්තර

අනේ හැබෑටම මෙහෙමත් නාටක

කොස්වතුකන්දේ රොසලින් නැන්දගෙ
ඉහේ මලක් පිපිලා හරි ඉහළයි
මද්දුම දෝණිට ගැළපෙන පන්නෙට
බෑනා කෙනෙක් ලැබිලා

සුබ මොහොතින් පෝරුවෙ නංවාලා
අෂ්ඨක කියලා ආසිරි පතලා
චීනපටස් හඬ කෙළි සෙල්ලම් මැද
මඟුල් ගෙදර හරි ජයටම කෙරුණේ

අනේ හැබෑටම මෙහෙමත් නාටක

කොස්වතුකන්දේ රොසලින් නැන්දගෙ
ඉහේ මලක් පිපිලා හරි ඉහළයි
මද්දුම දෝණිට ගැළපෙන පන්නෙට
බෑනා කෙනෙක් ලැබිලා

ජයට මඟුල් කා දෝණිව දුන්නට
කරදර අඩු නැත රොසලින් නැන්දට
ඒ දීගෙන් මට කම් නැත කියලා
මද්දුම දෝණී සටනට සැරසුණි

අනේ හැබෑටම මෙහෙමත් නාටක

කොස්වතුකන්දේ රොසලින් නැන්දට
ඉසරදයක් හැදිලා ඉවසුම් නැත
මද්දුම දෝණී ඕන්න ආපහු
ගෙදරට ඇවිදිල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment