Onna Nokiwuwayi Kiyantepa Song Lyrics - ඔන්න නොකිවුවයි කියන්ටෙපා ගීතයේ පද පෙළ

Onna Nokiwuwayi Kiyantepa Song Lyrics - ඔන්න නොකිවුවයි කියන්ටෙපා ගීතයේ පද පෙළ
Song Title : Onna Nokiwuwayi Kiyantepa (ඔන්න නොකිවුවයි කියන්ටෙපා)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ
පද : ආචාර්ය රෝහණ බැද්දගේ
තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


ඔන්න නොකිවුවයි කියන්ටෙපා
ඔන්න නොකිවුවයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ ..//

ඉස්සර නම් දරු මල්ලොත් බලාගෙන
ගේ දොර වැඩපළ ඔක්කොම කරගෙන
ඉවුම් පිහුම් තව මැහුම් ගෙතුම් වැඩ
මෙකී නොකී හැම දේමත් කරගෙන
කොච්චර සතුටින් උන්නාද හාමිනේ

ඔන්න නොකිවුවයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ

මහලු දෙමවුපියො දෙන්නත් බලාගෙන
වරදක් දුටු තැන ඒකත් හදාගෙන
ඉඩම් කඩම් ගැන විපරම් කරගෙන
මෙකී නොකී හැම දේමත් කරගෙන
කොච්චර සතුටින් උන්නාද හාමිනේ

ඔන්න නොකිවුවයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ

ගුණ යහපත්කම් ටික ටික අඩුවුණ
දරු මල්ලොත් අද කිවු දේ නාහන
අනම් මනම් කරමින් හිත පෑරෙණ
මෙකී නොකී හැම දේ අද සිදුවෙන
හේතුව අපේම වරදනේ හාමිනේ

ඔන්න නොකිවුවයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ...//
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment