Lunu Dehi Song Lyrics - ලුණු දෙහි ගීතයේ පද පෙළ

Lunu Dehi Song Lyrics - ලුණු දෙහි ගීතයේ පද පෙළ
Song Title : Lunu Dehi (ලුණු දෙහි)
Singing : Gypsies with Sunil Perera


අපි දෙන්නා එක් වීලා පන වාගේ
ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනා හිනැහිලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ

අපි දෙන්නා එක් වීලා පන වාගේ
ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනා හිනැහිලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ

රජ ගෙයටයි පැල් පතටයි
එක වාගේ සලකන්නේ
පෙර කාලේ සිට පැවතෙන්නේ
රජ යාලුවෝ අපි දෙන්නා

සුදු හාලේ බත් වේලේ සම්බෝලේ
රස දුන්නේ මුළු ලෝකෙම හදුනන්නේ
ලුණු හා දෙහි අපි දෙන්නා

හැමතැන හැමවිට එක වගේ ගැලපෙන
රට දිව පිනවන රස ගුණ ගෙන දෙන
ලුණු දෙහි ලුණු දෙහි
කවදත් කොතනත් කාගේත් සිත් ගත
ජන හද ජයගත් කෑමකි රසවත්
ලුණු දෙහි ලුණු දෙහි
රම්පප රම්පප
රම්පප
ලුණු දෙහි ලුණු දෙහි
ලුණු දෙහි ලුණු දෙහි… ලුණු දෙහි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment