Linda Langa Sangame Song Lyrics - ළිඳ ළඟ සංගමේ ගීතයේ පද පෙළ

Linda Langa Sangame Song Lyrics - ළිඳ ළඟ සංගමේ ගීතයේ පද පෙළ
Song Title : Linda Langa Sangame (ළිඳ ළඟ සංගමේ)
Singing : Gypsies with Sunil Perera


උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන අඟනුන්
සැමදෙන රැස් වෙන
ළිඳ ළඟ සංගමයේ මුල් තැන

උඩහ ගෙදර අර මයියගේ ලොකු දුව මැණිකා
ගිය සුමානේ සෙනසුරාදා පොළට ගිහිල්ලා
සොපි අක්කාගේ පුතා එක්ක ඉඟියක් කරලා
ලයිසා මේක දැකලා ඇවිත් ළිඳ ලඟ කියලා…

උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන අඟනුන්
සැමදෙන රැස් වෙන
ළිඳ ළඟ සංගමයේ මුල් තැන

අතේ තිබුණු කලය ටිකක් බිමින් තියාලා
සෙලස්තිනා හාමි බුලත් විටක් හපලා
මැගිලින් ගේ කනට යමක් කොඳුරලා කියලා
මේ බව දුටු කැරලයින්ට තරහා ගිහිල්ලා…

උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන අඟනුන්
සැමදෙන රැස් වෙන
ළිඳ ළඟ සංගමයේ මුල් තැන

අබරයියගේ ලොකු කොලුවා යුද්දෙට බැඳිලා
කාටත් නොකියා කොළඹින් කසාද බැඳලා
මනමාලි කැරොල් කරත්තයක් කියාලා
උන් උඩ පැන පැන හිනාවෙනවා ළිඳ ළඟ ඉඳලා…

උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන අඟනුන්
සැමදෙන රැස් වෙන
ළිඳ ළඟ සංගමයේ මුල් තැන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment